ජනපති තරුණයන්ට රට නඟන සටන භාරදෙයි! මිල්කෝ සභාපති ධුරය⁣ට ලසන්ත වික්‍රමසිංහ!

January 15, 2020 at 8:10 pm | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් මත මිල්කෝ සමාගමෙි සභාපති ධුරයට යුතුනම සංවාද කවයෙහි සහ තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ සංගමයෙහි ලේකම් ලසන්ත වික්‍රමසිංහ පත්කර තිබේ.

ඒ පිළිබඳ අමාත්‍ය චමල් රාජපක්ෂ සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහනක් පහත දැක්වෙයි.

අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මිල්කෝ පෞද්ගලික සමාගමෙහි සභාපති ධුරය සඳහා ලසන්ත වික්‍රම්සිංහ මහතා පත් කරනු ලැබිණි.

ලසන්ත වික්‍රමසිංහ මහතා ක්ෂේත්‍රයන් කිහිපයක අධ්‍යාපන පසුබිමක් ඇති විශේෂ හැකියාවන්ගෙන් පරිපූර්ණ පුද්ගලයෙකි. කොළඹ විශ්ව විද්‍යාලයේ ගණිතය පිළිබඳ විශේෂ උපාධිය ලබා ඇති ඔහු, තොරතුරු තාක්ෂණ හා නිෂ්පාදන කළමනාකරණ යන ක්ෂේත්‍රයන්හි විද්‍යාපති උපාධි දෙකක්ද ලබා ඇත. එමෙන්ම මේ වන විට ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියද (ජාත්‍යන්තර වෙළඳ) හදාරමින් සිටියි.

ලසන්ත වික්‍රමසිංහ මහතා සිය වෘත්තිය ජීවිතය ආරම්භ කරනු ලැබූයේ Haycarb PLC සමාගමෙහි නිෂ්පාදන සැලසුම් ඒකකයේ විධායකය නිළධාරියෙකු ලෙස ය. එමෙන්ම ලොව ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර තොරතුරු තාක්ෂණ සමාගමක් වන IFS R&D International (Pvt) Ltd සමාගමෙහි, විවිධ රටවල සැපයුම් දාම කළමනාකරණය සහ බදු වාර්තාකරණ මූලධර්ම පිළිබඳ විශේෂඥයෙකු ලෙස වසර 12 කට වැඩි කාලයක් සේවය කරමින් සිටියි.

2015 සිට මේ දක්වා තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ සංගමයේ ලේකම්වරයා ලෙසද කටයුතු කරන අතර ඒ් මහතා, ආරම්භයේ සිටම යුතුකම සංවාද කවයහි ලේකම්වරයා ද වේ.

ඔහුගේ මනා අධ්‍යාපනය හා වෘත්තීය නිපුණත්වය යොදවාගනිමින්, ශ්‍රී ලාංකික ජනතාවට ගුණාත්මක සේවයක් සැලසීමට ශක්තිය හා ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස