මිරිස් කුඩු ගහන කිනිසි අරන් එන සද්දේ අනුව ඡන්ද විමසන අපේ පාර්ලිමේන්තුව ලෝකයට ආදර්ශයක්! – කතානායක

January 1, 2020 at 11:07 pm | by emanisa.lk

ලොව පුරා පිහිටි පාර්ලිමේන්තු 170 ක් අතරින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ලොව ආදර්ශමත් පාර්ලිමේන්තුවක් බවට පත්ව ඇති බව කථානායක කරූ ජයසූරිය පවසයි.

ඔහු මේ බව පැවසුවේ ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය නව වසරේ රාජකාරි ආරම්භ කිරීමේ උත්සවයට අද එක් වෙමිනි.

2015 සැප්තැම්බර් මාසයේ තමා කථානායක ධූරයට පත්වන විට සිදු කළ ප්‍රාර්ථනාවක් වූයේ පාර්ලිමේන්තුව තුළ සහෝදරත්වය ඇතිකිරීම සහ, එකම පවුලක් ලෙස කටයුතු කිරීම බවත් ආපසූ හැරී බැලීමේදී ඒ පිළිබදව සතුටු විය හැකි බවත් හෙතම පැවසීය.

“මේ වන විට අලුත් ජනාධිපතිවරයෙක් පත්ව සිටිනවා. අලුත් ආණ්ඩුවක් ක්‍රියාත්මයි. ඉදිරියේ දී මහ මැතිවරණයක් පැවැත්වෙනවා. එහිදී නව කථානායකවරයෙක් පත් වෙන්න පුළුවන්. එතුමා මෙම තත්ත්වය තව දුරටත්ඉදිරියට ගෙන යනු ඇතැයි මා විශ්වාස කරනවා.”යැයි ද කථානායකවරයා එහිදී ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස