මිනුවන්ගොඩ සිද්ධිය විපක්ෂයේ ඇඟේ ගහන ආණ්ඩුවේ සැලසුම හබක් වෙයි! පාරේ ගිය මධුමාධව අත්අඩංගුවට ගන්න ඕන නෑ! -නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි…

June 13, 2019 at 6:42 pm | by emanisa.lk

ඉකුත් මැයි මාසයේදී මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇති වූ කලහකාරී සිද්ධීන්වලට අදාළව දැනට සිදුකර ඇති පරීක්ෂණවලින් අනාවරණය වී ඇති කරුණු අනුව පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ උප නායක මධුමාධව අරවින්ද මහතා අත්අඩංගුවට ගැනීමේ අවශ්‍යතාවක් මතු නොවන බව නීතිපතිවරයා අද (13) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

නීතිපති වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ඉඳුනි පුංචිහේවා මහත්මිය මෙසේ දැනුම් දුන්නාය.

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා මධුමාධව අරවින්ද මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද(13) බුවනෙක අලුවිහාරේ, එල්.ටී.බී.දෙහිදෙණිය සහ ප්‍රීති පද්මන් සූරසේන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අතර එහිදී මෙම දැනුම්දීම කළාය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය අධිකරණයට දන්වා සිටියේ මිනුවන්ගොඩ කලහකාරී සිද්ධියට අදාළව පොලීසිය විසින් සිදුකළ පරීක්ෂණ පිළිබඳ වාර්තා නීතිපති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති බවයි.

එම විමර්ශන වාර්තා පරීක්ෂා කිරීමේදී මධුමාධව අරවින්ද අත්අඩංගුවට ගැනීමට තරම් මෙම අවස්ථාවේදී සාක්ෂි මතු වී නොමැති බවද රජයේ නීතිඥවරිය අධිකරණයට දන්වා සිටියාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස