“මිනුවන්ගොඩ සිංහල කඩත් කුඩු කරලා – ආණ්ඩුවේ කෝන්ත්‍රාත්වල අවුල ඒකයි” – ඇමති රංජන්

May 17, 2019 at 11:41 am | by admin

පසුගියදා මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිදු වූ ගැටුම්කාරී වාතාවරණය නිසා මුස්ලිම් මෙන්ම සිංහල ව්‍යාපාරික ස්ථාන විශාල ප්‍රමාණයක් විනාහ විය. ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම ප්‍රහාරයට සම්බන්ධ වූ පිරිස සිය ප්‍රදේශයට පිටින් පැමිණි පිරිසක් බවය.

ප්‍රදේශය පුරා පොලිස් සහ ආරක්ෂක අංශ ස්ථානගත කර ඇඳිරි නීතිය පනවා ඇති පසුබිමක මෙවැනි ප්‍රහාරයක් එල්ල කළ හැක්කේ ආණ්ඩුවේ ප්‍රබල මැදිහත් වීමකින් පමණක් බවට විපක්ෂය චෝදනා කරයි. එහි අරමුණ මෙතෙක් හමුදාව ක්‍රියාත්මක කළ මෙහෙයුම් නතර කළ සිංහල මුස්ලිම් කෝලාහලයක් ඇති කර දේශපාලන වාසි ගැනීම බව ද පැවසිණි.

මේ අතර නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක ද එවැනි අදහසක් සහිත පෝස්ටුවක් ෆේස්බුක්හි පළ කර තිබේ. එහි සඳහන් වන්නේ මුස්ලිම් කඩවලට පමණක් නොව සිංහල කඩවලට ද පහර දුන්නේ මෙය ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුවක් බවය. කෙසේ වුවද පසුව ඒ සඳහා පොහොට්ටුවේ මැර දේශපාලකයන් යන උදෘතය ද එකතු කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස