මිනී මරණ කොවිඩ් මර්දන බලකාය වහා විසිරුවනු….! එන්නත්කරණයට හමුදාව යෙදවීම වැරදියි…!

August 8, 2021 at 5:21 pm | by emanisa.lk

වර්තමානයේ සිදුවන මරණවලට කොවිඩ් මර්දන බලකාය වගකිව යුතු යැයි හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසයි.

කොවිඩ් මර්දන බලකාය වහා ම විසිරුවා හැර නීතියෙන් පිහිටුවා ඇති මණ්ඩල මාර්ගයෙන් කොරෝනා මර්දනය කරන්නට ක්‍රියා කළ යුතු යැයි ද එසේ නැති නම් ලංකාව 21වන ශත වර්ෂයේ විශාලා මහනුවරක් බවට පත්වීමේ අවදානමක් ඇතැයි ද හිටපු අගමැතිවරයා සඳහන් කළේය.

ආණ්ඩුව කොරෝනා මර්දනය සඳහා ගෙන යන ක්‍රමවේද අසාර්ථක වී ඇති බව කී හිටපු අග්‍රාමාත්‍යවරයා තවත් කල් ගන්නට හැකියාවක් නැති අතර නීතියෙන්ම ස්ථාපිත කර තිබෙන ආපදා කළමනාකරණ මණ්ඩල මගින් මේ අර්බුදයෙන් ගොඩ එන්නට සැලසුම් සැදිය යුතු බවද සඳහන් කළේය.

එන්නත්කරණ කටයුතුවලට හමුදාව යෙදවීම වැරදි බවත් එම කටයුතු සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ සිදුවිය යුතු බවත් හෙතෙම අවධාරණය කළේ ය.

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේ බව පැවසූයේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ කොළඹ දී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස