මිනිස්සු මැරෙනවා නම් ආර්ථිකේ ශක්තිමත් කරල වැඩක් නෑ…! රට වහන්න…! – හර්ෂ…

August 9, 2021 at 12:29 pm | by emanisa.lk

ආර්ථිකය ශක්තිමත් විය යුතු ගමනේ ගිහින් මිනිසුන් මැරී වැටෙනවා නම් අපිට ආර්ථිකයත්, මිනිස්සුත් දෙක ම නැති වන බව රජය තේරුම් ගත යුතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා පවසයි.

තමන්ගේ දේශපාලන අරමුණුවලට යන්නේ නැතුව කරුණාකර දැඩි මතයෙන් ඉවත්ව යථාර්ථය තේරුම් ගෙන ජනතාව වෙනුවෙන් මේ යන ගමන පොඩ්ඩක් හෝ වෙනස් කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *