මින්පසු සහල් සහ වී මිල තීරණය කරන්නේ රජයයි….! සියලු මෝල් හිමියන් සමඟ රජය ගිවිසුමකට එයි…!

July 21, 2021 at 7:52 am | by emanisa.lk

ඉදිරි සති 2 තුළ රටේ සියලු සහල් මෝල් හිමියන් සමඟ ගිවිසුමකට එළඹෙන බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

ඇමැතිවරයා ඊයේ (20) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසීය.

වී සහ සහල් මිල ඉදිරියේදී තීරණය කරන්නේ ආණ්ඩුව බවත් වැඩි මිලට සහල් විකුණන වී මෝල්කරුවන්ට උපරිම දඬුවම් ලබා දීමට පියවර ගන්නා බව ද ඇමතිවරයා සඳහන් කළේය.

වී මිල වැඩි නොකර පනහයි පනස් දෙකේ සීමාවේ සිටින බවට අත්සන් කිරීමට‍ නියමිත ගිවිසුම මගින් සහතිකයක් ලබා ගන්නා බවත් ඇමතිවරයා ප්‍රකාශ කළේය. .

එක් එක් පුද්ගලයන්ට, මෝල් කරුවන්ට අවශ්‍ය පරිදි වී සහ සහල් මිල තීරණය කිරීමට ඉඩ නොදෙන අතර වැඩි මිලට සහල් අලෙවි කළ හොත් ලැබෙන 2500 දඩය රුපියල් ලක්ෂය දක්වා වැඩි කළ බවද ඇමතිවරයා අවධාරණය ‍කළේය.

සහල් මිල සම්බන්ධයෙන්ද පාරිභෝගික අමාත්‍යවරයා, කෘෂිකර්ම අමාත්‍යාංශය එක්ව මෝල් හිමියන් සමඟ ඉදිරි සති දෙක තුළ මෙම ගිවිසුමකට එළඹෙන බව ද ඇමැතිවරයා පැවසුවේය.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ සමඟි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *