මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි පිළිරුව අබියසදී ගෙවිඳු අනුප ඒකීය රට රකින්න දිවුරයි!

July 25, 2020 at 10:29 pm | by emanisa.lk

ඒකීය ශ්‍රී ලංකාවට එරෙහි වන බුදු සසුනේ ප්‍රමුඛස්ථානයට හානි වන කිසිදු යෝජනාවකට එකඟ නොවන බවට යුතුකම ජාතික සංවිධානයේ සභාපති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතක ලැයිස්තු අපේක්ෂක ගෙවිඳු කුමාරතුංග සහ යුතුකම ජාතික සංවිධායක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක අනුප පස්කුවල් අද (25) පානදුර නගරයේ පිහිටි වාදිභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි ප්‍රතිමාව අබියස දී දිවුරා ප්‍රතිඥා දුන්නේය.

මෙම අවස්ථාවට ආචාර්ය ගුණදාස අමරසේකර, මහාචර්ය ලලිතසිරි ගුණරුවන්, ජනාධිපති නීතිඥ මනෝහර සිල්වා, ජාතික නිදහස් ව්‍යාපාරයේ පාතාක යෝධයකු වන එෆ්.ආර්. ජයසූරිය මහතාගේ පුත් කීර්ති ජයසූරිය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නෙම්සිරි ජයතිලක සහ යුතුකම ජාතික සංවිධානයේ සාමාජික පිරිසක් ඇතුළු ජනතාව එකතු වී සිටියහ.

මාතර දික්වැල්ලේ උපත ලබා පානදුරේ වාසය කළ අදීන චින්තකයකු සාහිත්‍යකරුවකු වූ කුමාරතුංග මුනිදාසයන්ගේ උපන් දිනය ද (25) අදට යෙදී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස