මැලේසියාවේ පාර්ලිමේන්තුව කැඳවයි!

April 22, 2020 at 11:28 am | by emanisa.lk

කොරෝනා වසංගතයත් සමඟ එක් දිනක් සඳහා පාර්ලිමේන්තුව කැඳවීමට මැලේසියාව තීරණය කර ඇත. ඒ අනුව මැයි 18 වැනිදා පාර්ලිමේන්තුව කැඳවන අතර එදින කිසිදු විවාදයක් නොපැවැත්වේ.

කොරෝනා වයිරස වසංගතය ව්‍යාප්ත වීමට පෙර සිටම මැලේසියාවේ දේශපාලන අර්බුදයක් පැවැතිණි. බලඅරගලය හේතුවෙන් පසුගිය පෙබරවාරි මස අගදී මහතීර් මොහොමද්ට අග්‍රාමාත්‍ය ධුරය අහිමි විය. ඒත් සමඟ ‘පකටන් හරපාන්’ පරිපාලනය කඩා වැටුණු අතර සතියකට ආසන්න කාලයක් මැලේසියාවේ ආණ්ඩුවක් නොතිබිණි.

මහතීර් මොහොමඩ්ගේ කලින් දේශපාලන පක්ෂය ද වත්මන් ආණ්ඩුවේ කොටස්කරුවෙකි. එහෙත් මහතීර් මොහොමඩ් ඊට සම්බන්ධ නැත. 2018 වසරේ පැවැති මහ මැතිවරණයේදී පකටන් හරපාන් පක්ෂයේ ප්‍රතිවාදීහු ද වත්මන් ආණ්ඩුවේ කොටස්කරුවෝ බවට පත්ව සිටිති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස