පසුගිය (09) වනදා සිදු වූ කලහකාරී සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 1,500ක් මේ වන වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව පවසයි.
එම පිරිසෙන් 677ක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර මේ වන විට එදින සිදුවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම සම්බන්ධයෙන් පැමිණිලි 844ක් ද ලැබී ඇති බව ඔහු සඳහන් කළේය.
එමෙන්ම ඊයේ දිනයේ පුද්ගලයන් 152දෙනෙකු අත්අඩංගුවට ගත බවත් එයින් 101ක් දෙනෙකු ඇප මත නිදහස් කළ බවත් 39 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවත් ඔහු වැඩි දුරටත් පවසා ඇත.