මැයි වෙද්දි ඡන්ද තියන්න බෑ! මම අද රැස්වීමට එන්නෙත් නෑ! මම නැතිව කිසිවෙකුට මැතිවරණය තීන්දු කරන්නත් බෑ! – ස්වාධීන මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය හූල් යාපනේ සිට කියයි…

April 20, 2020 at 9:20 am | by emanisa.lk

පවතින තත්වය යටතේ මැයි මස 28 වෙනිදා මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීම කළ නොහැකි බව මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් සඳහන් කරයි.

ඔහු සඳහන් කරන්නේ මැතිවරණ කොමිසමට මැතිවරණය පවත්වන ලෙස බලකරමින් බලපෑම එල්ල වෙමින් ඇති බවයි.

තමන් මේ වන විට යාපනයේ රැඳී සිටියද කොළඹදී තමන් නොමැතිව ඇතැම් තීරණ ගෙන ඇති බවද ඔහු සඳහන් කරයි.

ජූනි දෙවෙනිදාට පෙර නව පාර්ලිමේන්තුවක් රැස් කල නොහැකි බවත් රැස් කරනවා නම් කළ හැක්කේ පැවති පාර්ලිමේන්තුව යළි කැඳවීම පමණක් යැයිද ඔහු සඳහන් කළේය.

අද (20) මැතිවරණ කොමිසම සමග පැවැත්වෙන රැස්වීමට හමුදාපතිවරයා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පැමිණ බලපෑම් කිරීමට නියමිත බවත් තමන් යාපනේ රැඳී සිටින නිසා ඊට සහභාගී විය නොහැකි බවත් පවසන මහාචාර්ය හූල් මැතිවරණ කොමිසමේ තිදෙනාම නොමැතිව මැතිවරණයක් පිළිබඳ තීන්දුවක් ගත නොහැකි බව ද සඳහන් කළේය.

සිරස රූපවාහිනිය සමග සාකච්ඡාවකට එකතු වෙමින් ඔහු මේ බව පවසා තිබේ. මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය හූල් මැතිවරණ පැවැත්වීමට එරෙහිව මෙයට පෙර කිහිප වරක් අධිකරණයට ද ගිය අයෙකි. එහිදී ඔහුගේ නීතීඥයා වූයේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට අත්අඩංගුවට පත්ව සිටින නීතීඥ හිජාස් හිස්බුල්ලාය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *