මැයි දින පෙළපාළිය සමගිය අසමගි කරයි…! හරීන්ට සජිත්ට දැඩි චෝදනා….! පිරිසක් මන්ත්‍රී හමුව වර්ජනය කරති…!

May 4, 2022 at 11:46 am | by emanisa.lk

මැයි දින පෙළපාළියේදී සහ රැලියේදී අඩුපාඩු සිදුවූ බව පවසමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට එහි මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඊයේ (03) සහභාගී වී නොමැති බව වාර්තා වේ.

ඒ ගයන්ත කරුණාතිලක, රෝහිණි කවිරත්න, හෙක්ටර් අප්පුහාමි, කාවින්ද ජයවර්ධන, හේෂා විතානගේ, චමින්ද විජේසිරි ඇතුළු පිරිසක් බව ද වාර්තා වේ. එසේ ම මෙම කණ්ඩායම් රැස්වීමට සහභාගි වූ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු මැයි දින සංවිධාන කටයුතුවලට එරෙහිව අදහස් පළ කොට ඇති බව ද සඳහන් වේ.

ඔවුන් පෙන්වා දී ඇත්තේ මෙම මැයි දිනය පක්‍ෂයේ මැයි දිනය හුදු විවිධ පුද්ගලයන් පිම්බීමේ අරමුණින් සංවිධාන වූවක් බව ය.

මැයි රැලියේ කතා 15ක් පමණ පැවැතිය ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකට එහිදී අවස්ථාවක් ලබා දී නොතිබීම ගැන ද මෙහිදී අදහස් පළවී ඇත. සමගි ජන බලවේගයේ මැයි දින රැලි වේදිකාවේදී එහි සභාපති සරත් ෆොන්සේකා හා හරින් ප්‍රනාන්දු යන මන්ත්‍රීවරුන් අතර බහින් බස් වීමක් ඇති වූ අතර රැලියේ කථික ලැයිස්තුව සැකැසීමේදී කළ වරදක් නිසා එම සිදුවීම යැයි ෆොන්සේකා පසුව මාධ්‍යට පැවසීය.

එම අවුල පක්ෂ නායක සජිත් ප්‍රේමදාස දැන සිටි බවක් තමාට දැනුණේ යැයි කී හෙතෙම මේ සම්බන්ධයෙන් තමා සජිත් ප්‍රේමදාසට රාජකාරි මට්ටමින් පැමිණිලි කරන්නේ යැයි ද පක්ෂ නායකයා හැටියට ඔහු ඒ ගැන නිසි පියවර ගනු ඇතැයි තමා අපේක්ෂා කරන්නේ යැයි ද ඔහු කීය.

මැයි රැලිය කිහිප දෙනෙකුගේ ප්‍රතිරූප පුම්බා ගැනීම සඳහා සංවිධානය වී යැයි ද පසුපෙළ මන්ත්‍රීවරු විශාල පිරිසක් ඊට විරෝධය පා එතැනින් පිටව ගියේ යැයි කී හෙතෙම පක්ෂයේ දෙවැනියා හැටියට ඊට මැදිහත්වීම තම යුතුකම යැයිද අවධාරණය කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස