මැති ඇමතිලාට වඩා උගත් අය අද ත්‍රිවිල් දුවනවා! පීඩිත පන්තිය වෙනුවෙන් ත්‍රීරෝද රථ රියදුරන් ඡන්දෙට එනවා!

June 15, 2019 at 7:40 am | by emanisa.lk

රටේ පීඩිත පන්තියේ ජනතාවගේ ප්‍රශ්නවලට පෙනී සිටීම සඳහා මීළඟ මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවට තරග කිරීමට සෑම දිස්‌ත්‍රික්‌කයකින්ම ත්‍රිරෝද රථ රියෑදුරන් ඉදිරිපත් කිරීමට තම සංගමය තීරණය කළ බව ස්‌වය වෘත්තීය ත්‍රිරෝද රථ රියෑදුරන්ගේ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන පවසයි.

මහ මැතිවරණයේදී බලයට පත්වන ආණ්‌ඩුවට කොන්දේසි රැසක්‌ සහිතව සහාය දී විශේෂයෙන් ත්‍රිරෝද රථ රියැදුරන් ඇතුළු මේ රටේ පීඩිත පන්තියට බලපාන ප්‍රශ්න රැසක්‌ විසඳීමට ක්‍රියාකරන බව කී ඒ මහතා රටේ වෙනස්‌ දේශපාලන සුළු පක්‍ෂ තම සංගමයේ උදව් ඉල්ලා සිටින නමුත් කිසිම දේශපාලන පක්‍ෂයකට සම්බන්ධ නොවී තම නියෝජිතයන් ස්‌වාධීනව මෙම මැතිවරණයට මුහුණ දෙන බව ඒ මහතා කීවේය.

ත්‍රිරෝද රථ රියෑදුරන්ගේ ඡන්ද ලක්‍ෂ ගණන් තිබෙන බවත් තම සංවිධානයේ නියෝජිතයන් කීපදෙනකුම මීළඟ මැතිවරණයේදී පාර්ලිමේන්තුව නියෝජනය කිරීම අනිවාර්යයෙන් සිදුවන බවත් හෙතෙම කීවේය.

දක්‍ෂ, උගත් ත්‍රිරෝද රථ රියැදුරන් පවා මෙම කර්තව්‍යයේ අද යෙදී සිටින බව කී සුනිල් ජයවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේ සිටින සමහරුන් ඒ හැටි දැන උගත් අය නොවන බවද සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *