මැති ඇමතිලාට ගුවන්තොටේ VIP පර්යන්තය තහනම්! VIP ඕනම නම් ඩොලර් 1000ක් ගෙවලා යන්න! – ජනපතිගේ තවත් තීන්දුවක්…

December 9, 2019 at 5:28 pm | by emanisa.lk

මැති ඇමැතිවරු සාමාන්‍ය මගී පර්යන්තය වෙනුවට ගුවන්තොටුපළේ vip පර්යන්තය භාවිත කරන්නේ නම් ඩොලර් 1000ක් ගෙවිය යුතු බවට චක‍්‍රලේඛයක් නිකුත් කර තිබේ.

එය වෙනත් බොහෝ රටවලද පවතින නීතියක් බවද පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා අද (9) පැවසීය. ඔහු මෙසේ පැවසුයේ බත්තරමුල්ල නෙලුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

ජනාධිතිතුමාකමේ රටේ දේශපාලන සංස්කෘතික වෙනස් කළා. ජනාධිපති කාර්ය මණ්ඩලය 250 ක් දක්වා අඩු කළා. ජනාධිපති සමඟ ගමන් කරන ආරක්ෂක රථවාහන ගණන පහකට සීමා කළා.

ජනාධිපතිවරයා විදේශ ගත වන විට vip පර්යන්තය භාවිත නොකර සාමාන්‍ය මිනිසුන් ගමන් ගන්නා පර්යන්තය භාවිත කරමින් ආදර්ශයක් දුන්නා. ඒ වගේම මේ වන විට මැති ඇමතිවරුන්ටත් ගුවන්තොටුපළට ඇතුළුවීමට හා පිටවිමට සාමාන්‍ය මගී පර්යන්තයම භාවිත කළ යුතු බවට සහ වීඅයිපී පර්යන්තය භාවිත කරන්නේ නම් ඒ සඳහා ඩොලර් 1000ක් ගෙවිය යුතු බවට චක‍්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

ඇත්තටම ඒක හොඳ දෙයක්. මේක තවත් ගොඩක් රටවල නීතියක්ව පවතිනවා. විදේශීය රාජ්‍ය තාන්ත‍්‍රිකයින් පැමිණෙන විට එය භාවිත කළ හැකියි. එහෙත් දේශීය විඅයිපිලාට එය භාවිත කළ හැක්කේ මුදල් ගෙවා පමණයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස