සමගි ජන බලවේගය මන්ත‍්‍රීවරුන් සියලු දෙනා ඊයේ (07) පාර්ලිමේන්තු සභා ගැබට නොපැමිණි අතර ඊයේ පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වන විට සභා ගැබට පැමිණි සිටියේ විපක්‍ෂ මන්ත‍්‍රීවරුන් හතර පස් දෙනෙකු පමණි.
විපක්‍ෂයේ සිට රජයට සහය දක්වන අතුරලියේ රතන හිමියෝ ද, රනිල් වික‍්‍රමසිංහ, චාර්ල්ස් නිර්මලනාදන්, කෝවින්දන් කරුණාකරන් යන විපක්‍ෂ මන්ත‍්‍රීවරු ද, ඩයනා ගමගේ, සමස්ත ලංකා මහජන පක්‍ෂයේ මොහොමඩ් මුෂාරෆ් යන මන්ත්‍රීරවරු පමණක් විපක්‍ෂයේ අසුන් ගෙන සිටියහ.
අනුර කුමාර දිසානායක ප‍්‍රමුඛ ජාතික ජන බලවේගයේ මන්ත‍්‍රීවරුද ඊයේ පාර්ලිමේන්තු සභා ගැබට පැමිණ සිටියේ නැත.
සමගි ජන බලවේගය මන්ත‍්‍රීවරු ඊයේ පාර්ලිමේන්තුවට පිවිසෙන ජයන්තිපුර පිවිසුම ඉදිරිපිට නිහඬ විරෝධතාවක නිරත වූහ. එම මන්ත‍්‍රීවරු ඊට පෙරදා පාර්ලිමේන්තු ප‍්‍රධාන පිවිසුම ඉදිරිපිට සටන් පාඨ සහිත පුවරු ප‍්‍රදර්ශනය කරමින් කරමින් නිහඬ විරෝධතාවක් ද පැවැත්වූහ.