මැතිසබේ විනාඩි 90ක රැස්වීමට රු. කෝටියක වැයක්…!

July 4, 2024 at 6:19 pm | by emanisa.lk

මැතිසබයේ පෙරේදා (02) හදිසි රැස්වීම පැවැත්වීමටත් රුපියල් කෝටියකට ආසන්න මුදලක් වැයවී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

පාර්ලිමේන්තුවේ පෙරේදා රැස්වීම පැවැත්වුණේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට විශේෂ ප්‍රකාශයක් කිරීමටය.

ජනාධිපතිවරයාගේ කතාවෙන් පසු විපක්ෂ නායකවරයා ප්‍රකාශයක් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව කල් තිබිණි. මෙම රැස්වීම පෙරේදා පැය එකහමාරකට පමණ සීමාවිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *