මැතිවරණ ප්‍රචණඩක්‍රියා කළේ විපක්ෂේ අය… මාලිමා පොළොන්නරු නායකයාගේ ගෙටත් ගැහුවා…! – ටිල්වින් සිල්වා….

May 9, 2025 at 12:57 pm | by emanisa.lk

පසුගිය පළාත් පාලන මැතිවරණය මගින් මෙරට මැතිවරණ සංස්කෘතිය වෙනස් කිරීමට තමන්ට හැකි වූ බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ එය මැතිවරණ නීති උල්ලංඝනය කිරීම අඩු ම මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා අඩු ම මැතිවරණයක් බවයි.

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා කිහිපයක් ඇති වුව ද ඒ සිය කණ්ඩායමට එරෙහිව බවත් පොළොන්නරුව නගර සභා කණ්ඩායම් නායකයාගේ නිවසයට ප්‍රහාරයක් එල්ල වූ බව ද ටිල්වින් සිල්වා ප්‍රකාශ කරයි.

පසුගියදා සිය පක්ෂ කාර්යාලයේ මාධ්‍ය හමුවක් කැඳවමින් හෙතෙම මේ බව කීය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *