මැතිවරණ පවත්වන්න පුළුවන්! මෙන්න නිර්දේශ! – සෞඛ්‍ය බලධාරීන් මැකෝට කසාය පොවයි…

May 5, 2020 at 11:30 am | by emanisa.lk

2020 පාර්ලිමේන්තු මැතිවරණය සෞඛ්‍යාරක්ෂිතව පවත්වන ආකාරය සම්බන්ධයෙන් නිර්දේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මැතිවරණ කොමිසන් සභාව වෙත භාරදී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානීන් විසින් මෙම නිර්දේශ බාර දී ඇත්තේ මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය වෙතය.

අදළා සාකච්ඡාව ඊයේ (04) මැතිවරණ කොමිෂන් සභාවේ පවත්වා ඇති අතර මෙම නිර්දේශ මාලාව භාර දී ඇත්තේ එම රැස්වීමේදී ය.

මහ මැතිවරණය පැවැත්වීමේ දී සමාජ දුරස්ථභාවය අනිවාර්යෙන් පවත්වාගෙන යා යුතු බවත්, මුහුණු සහ අත් ආවරණ පැළඳිය යුතු බවටත්, විසබීජ නාශක දියර භාවිත කළයුතු බවටත් එමගින් දැනුම්දී ඇත.

මැතිවරණය පවත්වන ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ ප්‍රධානීන් විසින් ද සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට කරුණු පැහැදිලි කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස