මැතිවරණ නීති කඩමින් එජාප සමුළුව ජාතික රූපවාහිනියේ! මැකො මැදිහත් වී සජීවි විකාශය නවතා දමයි!

October 4, 2019 at 9:03 am | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයේ මහ සම්මේලනය ඊයේ (03) පෙරවරුවේ සිට ජාතික රූපවාහිනිය මගින් සජීවීව විකාශනය කරමින් තිබියදී ලැබුණු පැමිණිල්ලකට අනුව එම විකාශනය අත්හිටුවීමට පියවර ගත් බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

මෙම සමුළුව පෞද්ගලික නාළිකාවකද සජීවීව විකාශනය වූ අතර, ජාතික රූපවාහිනියේ සජීවි විකාශනය නතර කරන අවස්ථාවේ පෞද්ගලික රූපවාහිනියද සජීවි විකාශය නතර කර ඇත. මැතිවරණ නීති රීති උල්ලංඝනය වන බැවින් මෙම සජීවි විකාශය නතර කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස