මැතිවරණ නැති රටේ මැතිවරණ නීති හදන සූදානමක්! මැකෝගේ ඡන්ද කල් දමන තවත් ගුලියක් ද?

January 31, 2019 at 3:10 pm | by admin

මැතිවරණ නීති යාවත්කාලීන කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමට සහ මහනුවර සංවර්ධන අමාත්‍ය සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඉල්ලීමක් කර තිබේ.

මැතිවරණ ක්‍රියාදාමය වඩා විධිමත් හා විනිවිදභාවයකින් යුක්ත වීම සඳහාත් මැතිවරණය වඩා නිදහස්ව හා සාධාරණව පැවැත්වීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහාත් සියලු පුරවැසියන්ගේ සහභාගීත්වය ජන්ද විමසීම් සඳහා ලබා ගැනීම සඳහාත් මෙම යාවත්කාලීන වීමේ අවශ්‍යතාව පවතින බවයි සභාපතිවරයා පෙන්වා දෙන්නේ.

දේශපාලන පක්ෂ, මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ සිවිල් සංවිධාන විසින් ද මැතිවරණ නීති වෙනස් වීමේ අවශ්‍යතාව පෙන්නුම් කර තිබේ. දේශප්‍රිය මහතා සඳහන් කරන්නේ මේ සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් හරහා මැදිහත් වීම වැදගත් වනු ඇති බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *