මැතිවරණ ජයග්‍රහණය කරන්න පාස්කු ප්‍රහාරය භාවිත කළේ ජවිපෙ….! – නාමල් රාජපක්ෂ…

April 22, 2025 at 12:05 pm | by emanisa.lk

පාස්කු ප්‍රහාරය මැතිවරණ ජයග්‍රහණය සඳහා යොදාගත්තේ ජනතා විමුක්ති පෙරමුණ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

“පාස්කු ප්‍රහාරය මැතිවරණයක් දිනාගන්න යොදා ගත්තා නම් එය කළේ ජනතා විමුක්ති පෙරමුණ. ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලයිස්තුවේ අපේක්ෂකයෙක්ගේ පුතාලා දෙන්නෙක් මරාගෙන මැරෙන බෝම්බකරුවෝ. ඒ වගේම පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම් පැහැර හැරපු නිලධාරීන් දෙන්නෙක් ජනතා විමුක්ති පෙරමුණේ වේදිකාවේ ඉඳලා අද පොලීසියේ ඉහළ තනතුරුවලටත් පත්කරලා තියෙනවා. අමාත්‍යාංශ ලේකම් ධුරවලටත් පත්කරලා තියෙනවා.

පසුගිය මැතිවරණ ජයග්‍රහණය කළේ මේ අය පාස්කු ඉරිදා ප්‍රහාරයේ පරීක්ෂණ කටයුතු කරනවා කියල. වගකීම් පැහැර හැරපු අය ඉහළ පුටුවල වාඩි කරවල දැන් කියනවා පරීක්ෂණ කටයුතු කරන්න කියල. එදා පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල වුණාට පස්සේ හිටපු ආරක්ෂක ලේකම් හා ආරක්ෂක නිලධාරීන් කිව්වේ අපි දැනගෙන හිටියා. ගහනවා කියලා කිව්වට මෙච්චර ගහයි කියල හිතුවේ නැහැ කියලා.

පහුගිය වෙඩි තැබීම්වලදීත් කිව්වේ ගම්පහදී වෙඩි තියයි දැනගෙන හිටියට කොළඹදී වෙඩි තියයි කියල දැනගෙන හිටියේ නැහැ කියලා කිව්වා. වගකීම් පැහැර හැරපු නිලධාරීන් අද දේශපාලන රැකවරණය ගන්නවා. අනිත් පැත්තෙන් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් ඉලක්ක කරගෙන පරීක්ෂණ කටයුතු මෙහෙයවනවා. පුද්ගලයන් හෝ කණ්ඩායම් ඉලක්ක කරනොගෙන පරීක්ෂණ සිදුකළ හොත් සාධාරණ පරීක්ෂණයක් සිදුවන්නේ නෑ.”

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *