මැතිවරණ ගැන විමසන්න ජූලි චන්ග් මැතිවරණ කොමිසම හමුවෙයි…!

May 29, 2024 at 5:37 pm | by emanisa.lk

මෙරට අමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය හා මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා අතර හමුවක් සිදුව තිබේ.

රටේ ඉදිරි මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් තොරතුරු විමසීම සඳහා ඇය මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හමුවී ඇති බව වාර්තා වෙයි.

මැතිවරණ පැවැත්වීමේදී මතුව ඇති ගැටලුකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් ද අමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය මැතිවරණ කොමිසමෙන් කරුණු විමසා තිබේ.

ව්‍යවස්ථාවෙන් තමන්ට පැවරී ඇති බලතල ප්‍රකාරව ඉදිරි මැතිවරණ පවත්වන බව මෙහිදී මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක මහතා ප්‍රකාශ කර ඇති බව සඳහන්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *