මැතිවරණ කොමිසම නිරුවත් කළ හූල්ට වැඩ වරදී! විශ්වාසභංගයකින් පළවාහරින්න සූදානම්!

April 26, 2020 at 10:54 am | by emanisa.lk

මැතිවරණ කොමිසමේ සාමාජික ආචාර්ය රත්නජීවන් හූල් එම කොමිසමේ ස්වාධීනත්වයට හානිවන ලෙස ප්‍රකාශ නිකුත් කරන නිසා ඉදිරි පාර්ලිමේන්තුවේදී ඔහුට විරුද්ධව විශ්වාසභංගයක් ගෙනැවිත් ධුරයෙන් නෙරපා හරින බව ශ්‍රී.ල.නි.ප. මහ ලේකම් දයාසිරි ජයසේකර මැතිවරණ කොමිසමට දැන්වීය.

මහ ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ ඉදිරි මහ මැතිවරණය ගැන තීන්දු ගැනීමට පක්ෂ මහ ලේකම්වරුන් හා මැතිවරණ කොමිසම අතර පැවැති සාකච්ඡාවේදීය. එම සාකච්ඡාවට මැතිවරණ කොමිසම වෙනුවෙන් එහි සභාපති මහින්ද දේශප්‍රිය හා සාමාජික ජනාධිපති නීතිඥ නලීන් අබේසේකර මහතා සහභාගී වූ නමුත් ආචාර්ය හූල් ඊට පැමිණ සිටියේ නැත.

මැතිවරණ කොමිසමේ සාමාජිකයන් දෙදෙනෙක් කොළඹදී එකක් කියන විට රාජන් හූල් යාපනේ සිට වෙනත් ප්‍රකාශයක් කරන බැව් පෙන්වා දුන් දයාසිරි ජයසේකර මේ තත්ත්වය ස්වාධීන මැතිවරණ කොමිසමටද ප්‍රශ්නයක් යැයි කීය.

වැඩිදුරටත් කරුණු දැක්වූ ශ්‍රීලනිප මහ ලේකම්වරයා පැවසුවේ මෙරට මැතිවරණය ගැන අපේ සෞඛ්‍ය බලධාරීන්ගෙන් විමසා තීන්දුවක් ගතයුතු නමුත් රත්නජීවන් හූල් කියන්නේ ලෝක සෞඛ්‍ය සංවිධාන නිර්දේශ මත මහ මැතිවරණය පැවැත්විය යුතු බවය. එය කිසිසේත්ම අනුමත කළ නොහැකි බවද මහ ලේකම්වරයා කීය.

ශ්‍රීලනිප මහ ලේකම්වරයා මෙලෙස රාජන් හූල්ට චෝදනා නගන විට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය හෝ එහි සාමාජික ජනාධිපති නීතීඥ නලීන් අබේසේකර හෝ සියල්ල නිහඬව අසාගෙන සිටියා මිස කිසිම පිළිතුරක් දුන්නේ නැත.

දේශය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස