මැතිවරණ කොමිසම් සභාපති ස්වාධීන නෑ…! රනිල්ට ඡන්දේ කල් දාන්න ඉඩ තියන්නේ නෑ…! – අනුර..

December 3, 2022 at 9:50 am | by emanisa.lk

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට කිසිදු බාධාවක් ආණ්ඩුවෙන් නැති බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී සහතික කළ යුතු බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

ඡන්දය පැවැත්වීම ගැන නීතිපතිවරයාගෙන් විමසිය යුතු නැති බවත් ඡන්ද විමසීම පැවැත්වීමට කොමිසමට මේ වන විට බලය තිබෙන බවත් ඔහු පෙන්වා දුන්නේ ය.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ස්වාධීන පුද්ගලයෙකු නොවන බවට චෝදනා කළ මන්ත්‍රීවරයා, ඔහුට දේශපාලන ඉතිහාසයක් තිබෙන බවට ද මැතිවරණ කොමිසම කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක නිරත වන බවට ද චෝදනා කළේ ය.

ලබන වසරේ මාර්තු 20දාට පෙර නව පළාත් පාලන ආයතන පිහිටුවිය යුතු අතර ඡන්ද විමසීම එදිනට පෙර පවත්වන්නේ නම්, දෙසැම්බර් හෝ ජනවාරි මස නාමයෝජනා නිකුත් කිරීමේ ගැසට් නිවේදනය මැතිවරණ කොමිසම විසින් නිකුත් කළ යුතු බව ද අනුර දිසානායක අවධාරණය කරයි.

එම නිසා නූල් සූත්තර යොදා පළාත් පාලන ඡන්දය කල්දැමීමට ඉඩ නොදෙන බවත් හෙතෙම වැඩි දුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *