මැතිවරණ කාලේ මං වගේ කට පරිස්සම් කරගන්න! ජනාධිපතිවරණයෙදිත් පරාද වුණේ අපේ අයගේ කතා නිසයි! – සජිත්ගෙන් ගෝළයන්ට අවවාද…

June 23, 2020 at 8:41 am | by emanisa.lk

මැතිවරණ වේදිකාවේදී අදහස් පළ කිරීමේදී දැඩි සුපරික්‍ෂාකාරීව කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස සිය සන්ධානයේ සියළු පාර්ශ්වයන් වෙත තරයේ උපදෙස් ලබාදී ඇත.

ඒ ඊයේ (22) රාති‍්‍රයේ පැවති සමගි ජන බලවේගයේ විශේෂ සාකච්ඡාවකදීය. අගරදගුරු හිමියන්ට චෝදනා කරමින් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර හරීන් ප‍්‍රනාන්දු සිදුකළ ප‍්‍රකාශය සම්බන්ධයෙන්ද එහිදී දැඩි අවධානයක් යොමුවී ඇතැයි වාර්තා වෙයි.

සජිත් පේ‍්‍රමදාස හිටපු මන්තී‍්‍රවරයා එම සාකච්ඡාවේදී ප‍්‍රකාශ කර ඇත්තේ ඉකුත් ජනාධිපතිවරණයේදී ද තම පාර්ශවයේ ඇතැම් පිරිස් වගකීම් විරහිතව සිදුකළ ඇතැම් ප‍්‍රකාශ හේතුවෙන් අවාසියක් සිදුවූ බවය.

එමෙන්ම ආගමික නායකයින් ඇතුළු සමාජයේ වැදගත් පුද්ගලයින් ඉලක්ක කර ප‍්‍රකාශ සිදුකිරීමේදී දැඩි ලෙස විමසිලිමත් වන ලෙස සජිත් පේ‍්‍රමදාස හිටපු මන්තී‍්‍රවරයා සමගි ජන බලවේගයේ සියලු පාර්ශ්ව වෙත තරයේ උපදෙස් ලබාදී ඇත.

සමගි ජන බලවේගයේ ජාතික සංවිධානයක තිස්ස අත්තනායක සඳහන් කළේ පොදු මතයක පිහිටා අදහස් පළ කරන ලෙස සියලු පාර්ශ්ව දැනුවත් කර ඇති බවය.

අදාළ ප‍්‍රකාශය සිදුකිරීමෙන් පසු හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර හරීන් ප‍්‍රනාන්දු දුරකතනයෙන් සම්බන්ධ කර ගනිමින් ඒ පිළිබද කරුණු විමසීමට සමගි ජන බලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස කටයුතු කළ බවද මෙහිදී ප‍්‍රකාශ විය.

අගරදගුරු හිමියන් පිළිබද හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර හරීන් ප‍්‍රනාන්දුගේ වගකීම් රහිත චෝදනාව තරයේ ප‍්‍රතික්‍ෂේප කරන බව ශී‍්‍ර ලංකා කතෝලික සභාව ද ඊයේ (22) ප‍්‍රකාශ කළේය.

කොළඹ අගරදගුරු පදවි කතෝලික පූජක සංසදයද නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ අදාළ පදනම් විරහිත විවේචන තරයේ හෙළා දකින බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස