මැතිවරණය පවත්වන්නේ ලෝක සෞඛ්‍ය සංවිධාන උපදෙස් අනුවයි! WHO උපදෙස් ලැබෙන තුරු මැතිවරණ දිනය තීරණය කරන්න බෑ! – මැතිවරණ කොමිසම

June 8, 2020 at 8:50 am | by emanisa.lk

කොරෝනා වසංගතය මධ්‍යයේ මැතිවරණයක් පැවැත්වීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් අපේක්ෂා කරන බැවින් මහ මැතිවරණය පැවැත්වීමේ දිනය අද (8) තීරණය කළ නොහැකි වනු ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි.

“සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ ඉදිරි සතිවලදී මැතිවරණ ප්‍රචාරක කටයුතු ඉදිරියට ගෙන යාමට අවශ්‍ය මාර්ගෝපදේශ අපට ලබා දී තිබෙනවා. ඒ අනුව මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමට අපට කොළ එළියක් ලැබී තිබුණත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් අපි ඉන්නෙ. සඳුදා දහවල් වන විට ඔවුන්ගෙන් ප්‍රතිචාරයක් ලැබෙයි කියල අපි බලාපොරොත්තු වෙනවා.” යැයි මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කරයි.

කෙසේ වෙතත් පසුගිය සතියේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය කියා සිටියේ සඳුදා (08 ) පැවැත්වෙන මැතිවරණ කොමිසමේ රැස්වීමෙන් පසුව මැතිවරණ දිනය තීරණය කරන බවයි. මේ අතර මැතිවරණය පැවැත්වීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලික මාර්ගෝපදේශන පසුගිය සතියේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මැතිවරණ කොමිසමට ලබාදුන්නේය.

“අපට මූලික මාර්ගෝපදේශ ලැබී තිබෙනවා. ඊට සම්බන්ධ විවිධ පාර්ශ්වයන් සමග සාකච්ඡා කිරීමෙන් පසු ඉදිරි සති කිහිපය තුළදී ඒවා නියමිත පරිදි සකස් කළ යුතුය. ඒ අනුව ඡන්දදායකයින්, දේශපාලන පක්ෂ, මැතිවරණ කාර්ය මණ්ඩල සහ ඡන්ද මධ්‍යස්ථාන සඳහා මැතිවරණ සෞඛ්‍ය මාර්ගෝපදේශ කිහිපයක් කෙටුම්පත් කළ යුතුයි.” යනුවෙන් ඒ පිළිබඳව අදහස් දක්වන කොමසාරිස් ජෙනරාල්වරයා සෞඛ්‍යය හා ආරක්ෂාව පිළිබඳ අතිරේක අංගයන් සඳහා දළ වශයෙන් රුපියල් බිලියන හතක අයවැයක් ඉදිරි දිනවලදී ඇස්තමේන්තු කළ යුතු යැයිද පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස