මැතිවරණය ජුනි මස පවත්වන්න සූදානම්! ජුනි 20 නැත්නම් ජුනි අග දිනයක්?

May 23, 2020 at 10:04 am | by emanisa.lk

පාර්ලිමේන්තු මහ මැතිවරණය ජූනි 20 වැනිදා නොපැවැත්වේ නම් එය ජූලි මස අගදී පැවැත්වීම පිළිබඳව මැතිවරණ කොමිසමේ අවධානය යොමුවී තිබේ.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ ජූනි මස 20 වැනිදා මැතිවරණය පැවැත්වීමට එරෙහිව ගොනු කරන ලද පෙත්සම් කීපයක් ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පවතී. එබැවින් ජූනි මස 20 වැනිදා පාර්ලිමේන්තු මැතිවරණය නොපැවැත්වීමට තීරණය කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙරේදා (20) දැනුම් දුන්හ.

පාර්ලිමේන්තු මැතිවරණය මුලින් අප්‍රේල් මස 25 වැනිදා පැවැත්වීමට දින නියම කර තිබූ අතර කොරෝනා වෛරසය සීග්‍රයෙන් රටපුරා පැතිර යෑම හේතුවෙන් එදින මැතිවරණය නොපැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කරන ලදි.

අනතුරුව ජූනි මස 20 වැනිදා මැතිවරණය පැවැත්වීමට තීරණය කළත්, එදින මැතිවරණය පැවැත්වීමට එරෙහිව කණ්ඩායම් කීපයක් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් කීපයක් ගොනු කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස