මැතිවරණයේ රාජ්‍ය දේපළ අවභාවිත කිරීම් රැසක්….! – පැෆරල් සංවිධානය….

May 6, 2025 at 4:53 pm | by emanisa.lk

පළාත් පාලන ඡන්දයේ, ඡන්ද විමසීමේ කටයුතු අද (6) උදෑසන 7ට ආරම්භ වී හවස 4ට අවසන් විය. නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වය (පැෆ්රල්) මෙවරත් මැතිවරණ නිරීක්ෂණ කටයුතුවල නිරත වී සිටියි.

මේ අතරවා‍රයේ දී පැෆ්රල් සංවිධානය කළා යැයි දැක්වෙන ප්‍රකාශයක් ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබිණි.

“රාජ්‍ය දේපළ අවභාවිත නොකළ, ඉතිහාසයේ පළමු මැතිවරණය මෙයයි.- පැෆ්රල් සංවිධානය” යනුවෙන් එම සමාජ මාධ්‍ය සටහනේ දැක්විණි.

මෙය අසත්‍ය ප්‍රකාශයක් වන අතර පැෆ්රල් සංවිධානය මෙවර පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් එවැනි ප්‍රකාශයක් හෝ නිවේදනයක් හෝ සිදු කර නොමැති යයි එම සංවිධානය පවසයි.

අප්‍රේල් 18 වැනිදා වන විට රාජ්‍ය බලය සහ රාජ්‍ය දේපළ අවභාවිත කිරීමේ සිදුවීම් 20කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වන බව පැෆ්රල් ආයතනයේ විධයක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කරයි.

පැෆ්රල් සංවිධානයේ මැතිවරණ නිරීක්ෂණ වාර්තාවලට අනුව මැයි මස 05 වැනිදා රාත්‍රිය වන විට අදාළ සිදුවීම්වලින් 18ක් තහවුරු කර ඇත.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *