මැතිවරණයතට සූදානම් වන්න…! – ජනපති එජාපයට දැනුම් දෙයි….

January 25, 2023 at 7:43 am | by emanisa.lk

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයට ඊයේ (24) දැනුම් දුන්නේය.

එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ මණ්ඩලය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති කාර්යාලයේ දී රැස්වූ අවස්ථාවේ දී මේ දැනුම් දීම කර තිබේ.

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර පැවසූයේ මැතිවරණ වැඩ කටයුතු කරගෙන යන ලෙස ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂ නිලධාරීන්ට උපදෙස් දුන් බවයි.

පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, මහා ලේකම් පාලිත රංගෙ බණ්ඩාර, සභාපති වජිර අබේවර්ධන ප්‍රමුඛ එජාප කළමනාකරණ මණ්ඩලය මෙම හමුවට සහභාගී වූහ.

මෙයට පෙර ජනාධිපතිවරයා පවසා තිබුණේ මැතිවරණ කටයුතු සඳහා තමා මැදිහත් නොවන බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *