මැතිවරණයට පස්සේ MCC අත්සන් කරන බව ඇමරිකාව කියනවා! ආණ්ඩුව ඡන්දෙට පෙර සිය ස්ථාවරය හෙළිකළ යුතුයි! – හඳුන්නෙත්ති

June 18, 2020 at 12:24 pm | by emanisa.lk

මිලේනියම් චලේන්ජ් කෝපර්රේෂන් (MCC) ගිවිසුම සම්බන්ධයෙන් රජයේ වත්මන් ස්ථාවරය මහ මැතිවරණයට පෙර රටට හෙළි කළ යුතු බව ජාතික ජන බලවේගයේ මාතර දිස්ත්‍රික්ක කණ්ඩායම් නායක සුනිල් හඳුන්නෙත්ති පවසයි.

මාතර පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෙම ගිවිසුම පිළිබඳව අධ්‍යයනය කරමින් සිටින බව රජය පැවසුව ද මහ මැතිවරණයෙන් අනතුරුව එම ගිවිසුම අත්සන් කරන බව අමෙරිකානු තානාපතිවරිය ප්‍රකාශ කරන බවත් සුනිල් හඳුන්නෙත්ති එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

එහෙයින් මැතිවරණයට පෙර රජය සිය ස්ථාවරය ප්‍රකාශ කළ යුතු බවත් එවිට ජනතාවට සිය ඡන්දය ලබා දෙන්නේ ගිවිසුම අත්සන් කරන පාර්ශ්වයට ද නැද්ද යන්න තීරණය කළ හැකි යැයි හෙතෙම අවධාරණය කරයි.

කෙසේ වුවද ඇමරිකානු තානාපතිනිය සඳහන් කර තිබුණේ මැතිවරණයට පසු MCC ගිවිසුම අත්සන් කරන බව නොව ඒ පිළිබඳ තීන්දුවක් ගන්නා බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස