මැකෝගේ වගකීම මැතිවරණ තබන එක නෙමේ! – රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල

February 7, 2019 at 12:53 pm | by admin

ප්‍රජාතන්ත්‍ර විරෝධි ලෙස මැතිවරණයකට යාමට උත්සාහ කළ අවස්ථාවේ හදවතට ඒ වගක්වත් මැතිවරණ කොමසාරිස්වරයාට නොදැනුණු බවත් එය හදවතට දැනුණු සාමාජිකයා අධිකරණයට ගිය බවත් රාජ්‍ය අමාත්‍ය ජේ.සී. ජේ.සී. අලවතුවල පවසයි.

එහිදී මැතිවරණ කොමසාරිස්වරයා විසුරුවලා නම් ඡන්දය තැබීමට ලැහැස්ති යැයි පැවසූ බව ද එතුමාට උසාවිය හොඳ පිළිතුරක් ලබා දුන් බව ද ඇමතිවරයා වැඩි දුරටත් සඳහන් කරයි.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ වගකීම මැතිවරණ පැවැත්වීම නොව ප්‍රජාතන්ත්‍රවාදීව ව්‍යවස්ථානුකූලව මැතිවරණ පැවැත්වීම යැයි ඇමතිවරයා අවධාරණය කරයි.

ඔහු මේ අදහස් දැක්වූයේ පුවත්පත් සාකච්ඡාවක අතරතුර ආණ්ඩුව මැතිවරණ කල් දමනවා නේදයි විමසූ ප්‍රශ්නයටය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස