මැකො තදින් සිටියි…! පක්ෂ ලේකම් ඉල්ලීම් ඉවතට!

July 19, 2020 at 5:32 pm | by emanisa.lk

දේශපාලන ලේකම්වරුන් කළ ඉල්ලීම මැතිවරණ කොමිසම විසින් ප‍්‍රතික්‍ෂේප කර ඇත. මැතිවරණ කොමිෂන් සභා නිලධාරීන් හා මහ මැතිවරණයට තරග කරන දේශපාලන පක්‍ෂ ලේකම්වරුන් අතර පැවැති සාකච්ජාවේ දී මෙම ඉල්ලීම කර තිබිණි.

මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරය සිදු කිරීමේදී දේශපාලන පක්‍ෂවලට හා අපේක්‍ෂකයන්ට දැඩි ප‍්‍රශ්නවලට මුහුණදීමට සිදුව ඇතැයිද අපේක්‍ෂක අංකය ප‍්‍රචාරය කිරීමට ද අසීරු වී ඇතැයි ද මේ නිසා නීති ලිහිල් කරන ලෙස ද පක්‍ෂ ලේකම්වරු ඉල්ලීමක් කර ඇත.

මෙහිදී අදහස් දක්වා ඇති කොමිසමේ සභාපතිවරයා ප‍්‍රකාශ කර ඇත්තේ නීතිය කි‍්‍රයාත්මක කිරීම තම වගකීමක් බවත් සංශෝධන කළ නොහැකි බවත් අපේක්‍ෂකයන්ට ප‍්‍රචාරක කටයුතු කිරීමට විවිධ අවස්ථා ලබා දී ඇති බවත්ය.

ඉදිරි මැතිවරණයේ ආරක්‍ෂක කටයුතු” ඡන්ද විමසීම” ගණන් කිරීම” ප‍්‍රතිඵල නිකුත් කිරීම කරන ආකාරය පිළිබඳවත් මෙහිදී සභාපතිවරයා ලේකම්වරු දැනුවත් කර ඇති අතර ඊට සියලූ පක්‍ෂවල සහාය ලබා දෙන ලෙස ඉල්ලා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස