මා සියල්ල කළේ ලෝකයේ හිතසුව පිණිසයි….! අනාගත පරපුර මා ආදර්ශයට ගත යුතුයි…! – චන්ද්‍රිකා…

June 30, 2021 at 1:17 pm | by emanisa.lk

හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහනක් පහත දැක්වෙයි.

මට දැන් අවුරුදු හැත්තෑ හයක්. මීට අවුරුදු හැත්තෑ හයකට කලින් මම මේ ලෝකයට ආවේ තනියම. හිස් අතින්. මම විතරක් නෙවෙයි අපි කවුරුත් එහෙමයි. කවදා හරි යන්නෙත් තනියම. හිස් අතින්.

එහෙත් අපි ආපහු මේ ලෝකෙන් යන දවසට තව එක දෙයක් අරගෙන යනවා. ඒ තමයි අපේ ජීවිත කාලය පුරා අපි කල කී දෑ අනුව ඉතිරි වූ හොඳ නම හෝ නරක නම.

මේ යතාර්ථයක මම කුඩා කාලේ ඉඳන්ම තේරුම් ගත්තා. මේ ජීවිත කාලයේ දී අපේ ජීවිත ආලෝකමත් කරගැනීමට මෙන්ම මේ ලෝකය වඩා හොඳ තත්ත්වයට පත්කිරීමටත් අපි බැඳී සිටිනවා. මම මගේ ජීවිත කාලය පුරා උත්සාහ කලේ ඒ යුතුකම හැකි උපරිමයෙන් ඉටු කරන්න.

මගේ ජීවිත කාලයේ දී මම මේ රට වෙනුවෙන්, මේ රටේ ජනතාව වෙනුවෙන්, වගේ ම ලෝකය වෙනුවෙන් යමක් කළා නම් ඒ සියල්ලක්ම කළේ මේ ලෝකය වඩා හොද තැනක් කරන්න. කවදා හරි මා මිය ගිය දවසක මා කළ කී දෑ අනාගත පරපුරට ආදර්ශයක් කරගත හැකි නම් මගේ සතුට එපමණයි.

උපන් දින සුබ පැතුම් පිරි නැමූ සැමට ස්තූතියි !

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස