2023 ජුලිඉන්දියානු සංචාරයේ දී අගමැති නරේන්ද්‍ර මෝදි සමග තමා අත්සන් කළ ගිවිසුම නව ජනපති අනුර කුමර දිසානායක මහතා විසින් සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඉන්දියාවේ දී පවසා තිබේ.
එම ගිවිසුම මගින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍ර, ගුවන්, බලශක්ති සබඳතා සහ ජනතාව අතර සම්බන්ධතාව ශක්තිමත් කිරීම පිළිබඳව අවධාරණය කර ඇත.
“මමත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාත් අත්සන් කළ දර්ශන ලේඛනයේ අපි දෙරට අතර ද්විපාර්ශ්වික සහයෝගිතා ක්ෂේත්‍ර දක්වා තිබෙනවා. නව ජනපතිවරයා මෙය ඉදිරියට ගෙනයා යුතුයි. අපි මෙම දර්ශන ලේඛනය සම්පූර්ණයෙන් ම ක්‍රියාත්මක කළ යුතු බවත් මගේ අදහසයි.”
ඉන්දෝර්හි ශ්‍රී සත්‍ය සායි විද්‍යා විහාර පාසලේ පැවැති උත්සවයකට සහභාගි වීම සඳහා හිටපු ජනපති වික්‍රමසිංහ මහතා ඉන්දියාවට ගොස් සිටින අතර එහි දී ඉන්දීය මාධ්‍ය වෙත අදාළ ප්‍රකාශය ලබා දී ඇත.