මා ඉටු කළ මෙහෙවර ජනතාවට වැටහෙන්න තව කාලයක් යයි! මට ඉටුකළ නොහැකි වූ සේවය මගේ පුතා චතුර ඉටු කරයි! – රාජිත

June 1, 2019 at 10:09 am | by admin

සෞඛ්‍ය සේවය උදෙසා තමා කළ සේවය ජනතාවට වැටහෙන්නට තවත් කාලයක් ගත වන බවත් තමාට ඉටුකරගත නොහැකි වූ සේවය තම පුතු චතුර සේනාරත්න ඉටු කරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවත් ඇමති රාජිත සේනාරත්න පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපති ධුරයට පත්වීමෙන් අනතුරුව අද (01) උදෑසන ලංකාවට පැමිණි ඇමතිවරයා ගුවන්තොටුපළේ පැවති පිළිගැනීමේ උත්සවයකින් පසු මේ බව ප්‍රකාශ කළේය.

ඇතැම් තීන්දු තීරණ ගැනීමේ දී පවතින නීතිවලට යට වී කටයුතු කළ නොහැකි බවත් එම නීති බාධාවක් වන විට ඒවා ඉවත් කර ජනතාවට සේවය කළ යුතු බවත් ඇමතිවරයා පැවසීය.

තමා හදවතට එකඟව රට වෙනුවෙන් සේවය කරන බවත් දුප්පත් ජනතාව වෙනුවෙන් ආරම්භ කළ සෞඛ්‍ය සේවයට මඩ ගසන අයට මඩින් නොව ගොඩින් එන්නැයි තමා අභියෝග කරන බව ද හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස