මාළු අපනයනයෙන් ඩොලර් මිලියන 106ක ආදායමක්….!

August 18, 2021 at 9:58 am | by emanisa.lk

කොරෝනා වසංගත තත්ත්වය තුළ වුව ද මාළු අපනයනයෙන් පසුගිය මාසය වන විට මෙරටට ඇමරිකානු ඩොලර් මිලියන 106ක අපනයන ආදායමක් ලැබී ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

මෙරට දළ දේශීය නිෂ්පාදිතයට 2.7%ක් මෙම මාළු අපනයනය දායක වන බවත් වසංගත තත්ත්වයක් තුළ ද එම අපනයනය කර්ය සිදු වූ බව එම මණ්ඩලය කියා සිටියි.

එම මණ්ඩලය පෙන්වා දෙන්නේ කොවිඩ් පළමු රැල්ල ආරම්භ වූ පසුගිය වසර අවසන් වන විට ද මෙම අපනයන ක්‍රියාවලියට කිසිදු බාධාවක් වී නොමැති බවත් ඇමරිකානු ඩොලර් මිලියන 189ක ආදායමක් එම වසරේ දී ලැබුණු බවය.

ගෙවී ගිය වසර කිහිපය ඇතුළත මාළු අපනයනයෙන් මෙරටට වැඩිම ආදායමක් ලැබී ඇත්තේ 2018 වසරේ වන අතර එය ඇමරිකානු ඩොලර් මිලියන 265ක් වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස