මාස 24න් දුප්පත්කම රටින් අතු ගා දමනවා..! – සජිත්…

August 28, 2024 at 10:03 am | by emanisa.lk

වර්තමාන රජයේත් රට බංකොලොත් කළ නායකයන්ගේත් අමනෝඥ තකතීරු ප්‍රතිපත්ති නිසා අප රටේ ජනතාව දශලක්ෂ ගණනින් දුප්පතුන් බවට පත්ව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එබැවින් ජීවත් වීමේ මාර්ගයක් නොමැති, පැහැදිලි ජීවනෝපායක් ආදායම් මාර්ගයක් නොමැති එදිනෙදා වේල් තුනවත් සපුරා ගත නොහැකි දුප්පත් ජනතාව වෙනුවෙන් ජනසවිය, සමෘද්ධිය, අස්වැසුම හා ගැමිදිරිය වැඩසටහන්වල හොඳ ගුණාංග එකතු කර නව දුගී දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායකවරයා සඳහන් කරයි.

ආහාර හා ආහාර නොවන අවශ්‍යතා සඳහා, පාරිභෝජනය, ආයෝජනය, ඉතිරි කිරීම, නිෂ්පාදනය සහ අපනයනය යන කරුණු කේන්ද්‍ර කළ එම නව දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් මගින් මසකට රු.20000ක ප්‍රතිපාදනයක් ලබා දෙමින් මාස 24කින් දුප්පත්කමින් රට මුදවන බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ.

සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් පසුගියදා (26) කන්තලේ සේරුවිල නගරයේ පැවති සමගි ජන බලවේගයේ ජන රැළිය අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *