වර්තමාන ආණ්ඩුව බලයට පත්ව ගෙවුණු මාස 07ක කාලය තුළ (24/09/21-24/05/07) වෙඩි තැබීම් 79ක් සිදුව මරණ 52ක් වාර්තා වී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජයපාල පවසයි.
ඇමතිවරයා පෙන්වා දෙන්නේ පසුගිය 2022/23/24 වසර කිහිපය සමග සසඳන විට එහි විශාල වර්ධනයක් දැකිය නොහැකි බවයි.
මෙම වෙඩි තැබීම් නිසා 35 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඊට අදාළව සැකකරුවන් 229 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද ඔහු ප්‍රකාශ කරයි.
පාතාළය මර්දනය සඳහා පැහැදිලි දැක්මක් වැඩපිළිවෙළක් සහිතව තීන්දු තීරණ ගනිමින් කටයුතු කරමින් ඇතැයි ද ඇමති විජයපාල අවාධාරණය කරයි.
අද (09) පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව කීය.