පසුගිය මාස තුනක කාලයේ දී භාණ්ඩු මිල සියයට 18%කින් පහත දැමීමට කටයුතු කළ බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ සඳහන් කරයි.
ජනතාවට අඩු මිලට භාණ්ඩ ලබාදීම සඳහා සතොස වෙළඳසැල් ජාලය පුළුල් කිරීමට කටයුතු කරන බව ද ඔහු කියා සිටියි.
අද වන විට වෙළඳපොළට රජය මැදිහත් නොවුවහොත් භාණ්ඩ මිල පාලනය කිරීමට නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බව ද ඇමතිවරයා පෙන්වා දෙයි.
එනිසා රජය වෙළඳපොළට මැදිහත් වී අවම ලාභයක් සහිතව ජනතාවට සහන ලැබෙන පරිදි කටයුතු කරන බවත් හෙතෙම කියා සිටියේය.
අනුරාධපුරේ දී මාධ්‍ය අමතමින් අමාත්‍ය වසන්ත සමරසිංහ මේ බව පැවසීය.