රටේ මූලික නීතියට යටත්ව කෙරෙන උද්ඝෝෂණවලට ඉඩ ඇතත් උද්ඝෝෂණ මුවාවෙන් කෙරෙන සියලුම නීති විරෝධී කටයුතුවල දී මින් ඉදිරියට උපරිම බලය භාවිත කරන බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න අවධාරණය කරයි.
දැනට ක්රියාත්මක කෙරෙන හදිසි නීතිය ගැන කරුණු පැහැදිලි කිරීමට ජනාධිපති රනිල් වික්රමසිංහ රජයේ මන්ත්රී කණ්ඩායම පසුගිය සඳුදා කැඳවීය. එහි දී විශේෂ දෙසුමක් පැවැත්වූ කමල් ගුණරත්න පැවසුවේ තමන් සහ ආරක්ෂක අංශ පවත්නා තත්ත්වය මාස තුනක් තිස්සේ ඉවසා සිටි බවය.
නීති විරෝධී ක්රියා කරන්නන් ඉදිරියේ දී හමුදාව මෙතෙක් ඉවසා සිටීම නිවටකමක් ලෙස ඇතැමුන් සිතන බව පැවසූ හෙතෙම රාජ්ය දේපළවලට හෝ රජයේ මර්මස්ථානවලට හානි කරන්නට මින් ඉදිරියට යමකු උත්සාහ කළහොත් හදිසි නීති රෙගුලාසි අනුව උපරිම බලය යොදවන බව වැඩි දුරටත් සඳහන් කර තිබේ.