මාස තුනකට පසු සිනමාශාලා විවෘත වෙයි! අලුත් චිත්‍රපට 100ක් ප්‍රදර්ශන පෝලීමේ!

June 19, 2020 at 9:34 am | by emanisa.lk

දිවයිනේ සියලු සිනමාශාලා ලබන 27 වැනිදා සිට යළි විවෘත කරන බව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසයි.

සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර සඳහන් කළේ, සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගතව සිනමා ශාලා විවෘත කිරීමට අවසර හිමිවන බවය.

විවෘත කිරීමට පෙර සියලු සිනමාශාලා විෂබීජහරණයට ලක් කළ යුතු අතර සිනමාශාලාවලට පැමිණෙන්නන් පිළිපැදිය යුතු සෞඛ්‍ය උපදෙස් මාලාව ඉදිරියේදී නිකුත් කරන බව ඔහු සඳහන් කළේය.

කොරෝනා වසංගතය හේතුවෙන් සිනමා ශාලා වසා දැමුණේ පසුගිය මාර්තු මස 14 වැනිදාය. ඒ අනුව, සිනමා ශාලා වසා තැබුණු කාලසීමාව මාස තුනකට අධිකය. මේ වන විට චිත්‍රපට සියයකට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය අපේක්ෂාවෙන් තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *