මාස තුනකට පසු ගාලු මුවදොර නිදහස්…! සියලු අරගලකරුවන් නෙරපා දමයි…!

August 12, 2022 at 1:18 pm | by emanisa.lk

ගාලුමුවදොර ප්‍රදේශයේ රැදී සිටින සීමිත අරගලකරුවන් පිරිසට ද එම ස්ථානයෙන් ඉවත් වන ලෙසට පොලිසිය මීට සුළු මොහොතකට පෙර දැනුම් දුන්නේය.

විනාඩි 15ක් ඇතුළත ඔවුන් රැදී සිටින කූඩාරම් ඉවත් කරගෙන එම ස්ථානයෙන් ඉවත් වන ලෙසට පොලිසිය නියෝග කළේය.

පොලිස් නියෝග අනුව එම පිරිස කූඩාරම් ඉවත් කරගත්හ. කෙසේ වුව ද මෙම පිරිස මෙයට පෙර පැවසුවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයෙන් ඉවත් වන තුරු තමන් අරගල භූමිය අතහැර නොයන බවය.

ගාලුමුවදොර අරගල භූමිය පිහිටි ප්‍රදේශයට පොලිසිය හා විශේෂ කාර්ය බලකාය කැඳවා ආරක්ෂාව තරකර තිබූ අතර නාගරික සංවර්ධන අධිකාරී නිලධාරීන් ද එම අවස්ථාවට එකතු විය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *