ලංකාවේ මැතිවරණයක් ආසන්න වන විට මාවනැල්ලේ බුදු පිළිම කඩන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජයගොඩ පවසයි.
රටට දුන් පොරොන්දු සියල්ල කඩ කළ ආණ්ඩුවේ ප්‍රාදේශීය දේශපාලකයන් සැබෑ ප්‍රශ්න යට ගැසීම සඳහා මෙම බුදු පිළිම කැඩීම සිදුකළ හැකි බවට හෙතෙම අනුමාන කරයි.
එසේ නම් භූමදාන විරෝධය සමග මතු වන සංස්කෘතික පීඩනය සමග මුස්ලිම් අන්තවාදීන් මෙම පිළිමවලට පහර දුන්නා විය හැකි බව ද ඔහු පවසයි.
මේ කුමන දෙයක් වුව ද අවසානයේ එහි වාසිය ලැබෙන්නේ ආණ්ඩුවට බව ද පුබුදු ජයගොඩ පවසයි.
කෙසේ වුවද පසුගිය සමයේ මාවනැල්ලේ බුදු පිළිම කඩා තිබුණේ සහරාන් හෂීම් නායකත්වය දුන් තවුහිද් ජමාද් සංවිධානයේ කණ්ඩායමක් බව පසුව අනාවරණය විය.
101 total views, 2 views today