මාලිමා මන්ත්‍රී ආණ්ඩුවේ ඉඩමක් යාළුවන්ට බෙදලා…!

January 30, 2025 at 9:54 am | by emanisa.lk

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු ඉඩමක් සිය හිතවතුන්ට බෙදා දීමට ප්‍රදේශයේ ආණ්ඩුවේ මන්ත්‍රීවරයා කටයුතු කර ඇතැයි සමගි ජන බලවේග බණ්ඩාරගම ආසන සංවිධායක, පරිසරවේදී නයනක රන්වැල්ල පවසයි.

“පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වේරගොඩ යාය කියලා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව නඩු කියලා ලබාගත්ත වනජීවි ඉඩමක් තිබුණා.

ඒ නඩු තීන්දුවට පටහැනිව එම ඉඩම තමන්ගේ හිතවතුන් පිරිසකට ලබා දෙන්න එම ප්‍රදේශයේ ජාතික ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරයා කටයුතු කරලා තිබෙනවා. ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට අවශ්‍ය පරිදි වනජීවී ඉඩම් බෙදා දිම් සිදු කරන්න නොහැකියි. මෙවැනි දේවල් ඉතිහාසයේ සිදුවුණා.

එවැනි කටයුතු නොකරන්න තමයි ජනතාව ජාතික ජන බලවේගය බලයට ගෙන ආවේ. නමුත් ඒ කටයුතු නැවතනැවත අලුත් ස්වරූපවලින් සිදුවන බවක් තමයි පෙනෙන්න තිබෙන්නේ. ඒ පිළිබඳව සොයා බලන්නැයි අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *