මාලිමා නගරාධිපති බොරුකාරයෙක් බවට අධිකරණ තීන්දුවක්… අභූත චෝදනාවලට වන්දි ගෙවන්නත් නියෝග…!

October 10, 2025 at 7:01 pm | by emanisa.lk

වර්තමාන කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් සිදුකළ අභූත චෝදනා එරෙහිව තමන් වසර 12කට පෙර ගොනු කළ නඩුවක තීන්දුව ලබා දෙමින් දෙමින් කොළඹ දිසා අධිකරණය එම චෝදනා සියල්ල අසත්‍ය බව තීන්දු කළේ යැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

රංජන් ජයලාල් ලංකා විදුලි බල මණ්ඩල ජවිපෙ වෘත්තීය සමිති නායකයා ලෙස කටයුතු කළ සමයේ කතරගම ලංවිම නිවාඩු නිකේතනයකට එවක බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික, කොළඹ සිට ඇඳක් රැගෙන ගිය බවට සිදුකළ අභූත චෝදනාවකට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබිණි.

අධිකරණය එම තීන්දුව අසත්‍ය යැයි තීන්දු කර තමන්ට වන්දි ගෙවන ලෙස ද රංජන් ජයලාල්ට නියෝග කළ බවයි, පාඨලී චම්පික රණවක සඳහන් කළේ. මෙම වන්දි මුදල් තමන්ට අවශ්‍ය නැති නමුත් ලංවිම පෞද්ගලිකකරණයට ඉඩ නොදෙන බව පවසමින් වසර 30ක් තිස්සේ එහි සේවකයන්ගෙන් එකතු කරගත් කප්පම් කාසී නැවත ඔවුන්ට ලබා දෙන ලෙස ද හිටපු අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

2004 වසරේ ද තමන්ට එරෙහිව සිදුකළ මෙවැනිම චෝදනාවකට වරදකරු ජවිපෙට රු. ලක්ෂ 200ක් ගෙවන ලෙස අධිකරණය නියෝග කළ ද මෙතෙක් එය ද ගෙවා නැති බව ද හෙතෙම කීය. වසර 30කට පෙර විරුද්ධවාදීන් ශාරීරිකව ඝාතනය කළ මෙම පිරිස තිස් වසරක් තිස්සේ සිය විරුද්ධවාදීන් හොරු වංචාකාරයන් ලෙස හංවඩු ගසමින් සිදුකළ චරිත ඝාතනයට මෙම තීන්දුව ඔස්සේ අධිකරණය නිසි පිළිතුරු ලබා දී ඇති බව ද පාඨලී චම්පික රණවක කීය.

අද (10) විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *