අනුර දිසානායක ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව පිහිටු වන ආණ්ඩුවේ අගමැති ධූරය වසන්ත සමරසිංහට ලබා දෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය අතර දීර්ඝ සාකච්ඡාවකින් පසු මෙම එකඟතාවකට පැමිණ තිබේ.
පසුගියදා යූටියුබ් නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ද ප්‍රකාශ කොට තිබුණේ අනාගත මාලිමා ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් සංස්ථා සභාපතිවරුන් පමණක් නොව තානාපතිවරුන් ද මේ වන විටත් තෝරාගෙන අවසන් බවයි.