මාලිමා ආණ්ඩුවෙන් කළු සල්ලි සුදු කරන ව්‍යාපෘතියක්… ඉපයූ හැටි අහන්නේ නෑ…! – හඳුන්නෙත්ති…

July 19, 2024 at 10:06 am | by emanisa.lk

අනාගත මාලිමා ආණ්ඩුවක් යටතේ විශේෂ ව්‍යාපෘති අරමුදලක් ආරම්භ කරන බව ජාතික ජන බලවේගය පවසයි.

එම පක්ෂයේ විධායක සභික සුනිල් හඳුන්නෙත්ති පෙන්වා දෙන්නේ මෙතෙක් ජාතික ආර්ථිකයට එකතු නොවුණු කළු සල්ලි එම විශේෂ ව්‍යාපෘති අරමුදලට ආයෝජනය කිරීමේ අවස්ථාව ලබා දෙන බවයි.

ඕනෑම පුද්ගලයෙකුට මෙම ව්‍යාපෘතිය ඔස්සේ තමන් සතු මුදල් ආයෝජනය කළ හැකි බවත් එම මුදල් ඉපයූ ආකාරය සොය සොයා යාමට තමන්ට වෙලාවක් නොමැති බවත් හෙතෙම කීය.

ඊයේ (18) ජාතික ජන බලවේගයේ බැංකු සහ මූල්‍ය නියෝජිත හමුවක් පොළොන්නරවේ දී අමතමින් සුනිල් හඳුන්නෙත්ති මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *