ජාතික ජනබලවේගය බලය ලබා ගැනීමට බොරු නොකියන බවත් රටේ බලය ලබා ගැනීමට මේ රටේ ඡන්ද දායකයන්ට වැඩිම බොරු කියා ඇත්තේ විපක්ෂය බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා නැවතත් පවසයි.
පළාත් පාලන ආයතනවල සිටි දූෂිතයන් වෙනත් පක්ෂවලින් වෙස් මුහුණු බැඳගෙන ඉදිරිපත්ව ඇති අතර ඔවුන් එලවා දමන ලෙස ද ඔහු ජනතාවගෙන් ඉල්ලයි.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මේ බව සඳහන් කර සිටියේ හැටන් ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.
මේ වන විට වත්මන් ආණ්ඩුව ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට කටයුතු කරමින් සිටින බවද ඔහු සඳහන් කරයි.