අද (13) උදෑසන මොනරාගල ප්‍රදේශයේ පැවති ජාතික ජන බලවේගයේ රැස්වීමකට සහභාගී වී නැවත පැමිණෙමින් තිබූ බස් රථයකට ප්‍රහාරයක් එල්ල වී තිබේ.
එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් මොනරාගල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගනයේදී පැවැති ජන හමුවකට මෙම පිරිස ගොස් තිබේ.
ඔවුන් ආපසු යමින් සිටිය දී මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර ප්‍රහාරයෙන් සිව්දෙනෙකුට තුවාල ලබා ප්‍රතිකාර සඳහා බුත්තල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත. පහරදීම සම්බන්ධ සැකකරුවන් සොයා පොලිස් විමර්ශන ආරම්භ කර තිබේ.