මාලිමාවේ ජොලි සීයා, සමනලී, ඉන්ද්‍රචාපා කුවෙට්හි දී අත්අඩංගුවට…!

August 4, 2024 at 9:51 am | by emanisa.lk

කුවේට් රාජ්‍යයේදී පෙරේදා (02) පැවති සංගීත සංදර්ශනයකට සහභාගී වූ එහි සංවිධායකයින්, කලාකරුවන්, සංගීතවේදීන් ඇතුළු ශ්‍රී ලාංකිකයින් 24 දෙනෙකු එරට බලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා x සටහනත් තබමින් මේ බව තහවුරු කර ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සමනලී ෆොන්සේකා, ඉන්ද්‍රචාපා ලියනගේ, ජොලි සීයා ඇතුළු පිරිසකි.

මෙම සංගීත සංදර්ශනය සංවිධානය කර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ අනුබද්ධ සංවිධානයක් වන ‘එතෙර අපි’ සංවිධානය විසිනි.

කුවේට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාල ද සම්බන්ධ කරගෙන මෙම පිරිස හැකි ඉක්මනින් නිදහස් කරගැනීම සඳහා කුවේට් බලධාරීන් සමග කටයුතු කරමින් සිටින බවයි” අමාත්‍යවරයා සිය පණිවිඩයෙන් පවසා ඇත්තේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *